හමුදා කඳවුර පිපිරීමෙන් පසුව දිස් වූ හැටි

Monday, 06 June 2016 - 14:02

%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
අවිස්සාවේල්ල - කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමත් සමඟ ඇතිවූ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ආරක්ෂක මණ්ඩලය අද පෙරවරුවේ රැස්වුණා.

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මෙහිදී තීන්දු කිහිපයක් ගනු ලැබූ අතර, ඒ පිළිබඳ ඉදිරියේදී  මාධ්‍ය දැනුම්වත් කරන බවයි.

සාලාව යුද හමුදා කඳවුරේ පතොරම් ගබඩාව තුළ ඊයේ පස්වරු 5.45 ට පමණ ඇතිවූ ගින්න පැය ගණනක පරිශ්‍රමයකින් පසුව මේ වනවිට පාලනය කර තිබෙනවා.

එහෙත් එම පතොරම් ගබඩාව තුළින් විටින් විට පිපිරුම් සිදුවන බවයි ප්‍රදේශයේ සිටින හිරු මාණ්ඩලික වාර්තාකරුවන් සඳහන් කළේ.  

යුද හමුදා කඳවුර පිපිරීමෙන් පසුව දිස් වූයේ මේ අයුරින්.