ජනපති මැදුර හෙට සිට ජනතාවට

Tuesday, 07 June 2016 - 12:52

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
කොළඹ - කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය හෙට සිට මහජනතාවට නැරඹීම සඳහා විවෘත කෙරෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ උපදෙස් මත හෙට සිට දින 6ක කාලයක් ජනාධිපති මන්දිරය මෙලෙස ජනතාවට විවෘත කරන බවයි  ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේ.

ජනාධිපති මන්දිරය ජනතාවට නැරඹීම සඳහා විවෘත කෙරෙන පළමු  අවස්ථාව මෙය වීම ද විශේෂත්වයක්.

ලන්දේසීන් වෙතින් මෙරට පාලනය හිමි කර ගත් බ්‍රිතානයය කොළඹ කොටුවේ පැවැති අවසන් ලන්දේසි ආණ්ඩුකාරවරයාගේ පෞද්ගලික නිවහන 1804 වසරේදී අත්පත් කර ගත් අතර එය බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර නිවස බවට පත් කර ගනු ලැබුවා.

1948 වසරේදී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසුව එය ආණ්ඩුකාර නිවස බවට පත්වූ අතර 1972 වසරේ ජන රජයක්වීමෙන් පසු ජනාධිපති මන්දිරය බවට පත්වුණා.

ආණ්ඩුකාරවරුන් 29 දෙනෙකුට නිවහන වූ ජනාධිපති මන්දිරය මෙරට රාජ්‍ය නායකයන් 6 දෙනෙකුගේ ද නිළ නිවස ලෙස භාවිත කෙරුණා.