රාජ්‍ය ඇමතිවරුන් පිරිසක් ජනපති සමඟ සාකච්ඡාවක

Tuesday, 07 June 2016 - 13:08

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර සාකච්ඡාවක් අද උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.

ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අමාත්‍යාංශවල බලතල බෙදීයාම සම්බන්ධයෙන් පවතින ගැටළු පිළිබදව සාකච්ඡා කිරීම මෙහි අරමුණ බවයි.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ සහ නිදහස් පක්ෂය නියෝජනය කරන රාජ්‍ය අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ද අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

පස්වරු 2.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට තමන් ද සහභාගි වන බව නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය රංගේ බණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කළා.