මුදල් ඇමති රවීට එරෙහි විශ්වාසභංගය අද විවාදයට

Wednesday, 08 June 2016 - 7:51

%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7
මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතයි.

මේ වසරේ අයවැය ලේඛනය පාර්ලිමේන්තුව හා ජනතාව නොමඟ යවා සම්මත කර ඇති බව පවසමින් දිනේෂ් ගුණවර්ධන ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් අත්සන් කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාර දෙනු ලැබුවේ මීට මාස කිහිපයකට පෙරයි.

ඒ අනුව මෙම විශ්වාසභංග යෝජනාව අද පස්වරු 1.00 සිට පස්වරු 6.30 දක්වා විවාද කිරීමට නියමිත අතර ඉන් අනතුරුවයි ඡන්ද විමසීම සිදුකෙරෙන්නේ.

මෙම යෝජනාව ඉදිරිපත් කළ නිදහස් සන්ධාන මන්ත්‍රී කණ්ඩායම සමඟ ජනතා විමුක්ති පෙරමුණ ද ඊට සහාය පළ කරමින් ඡුන්දය ප්‍රකාශ කරන බවට දැනටමත් දැනුම් දී තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේ ආණ්ඩු පක්ෂයේ සියලූම මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තු පැමිණීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අදහස් පළ වුණා.