යුද හමුදා කඳවුරේ ගින්න ගැන මෙතෙක් හෙළි නොවූ දේ

Wednesday, 08 June 2016 - 9:06

%E0%B6%BA%E0%B7%94%E0%B6%AF+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%99%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
සාලාව යුද හමුදා කඳවුරේ ඇති වූ ගින්න පිළිබඳව හංගන දෙයක් තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.

ඊයේ පැවතී ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා දැක්වුයේ මෙවන් අදහසක්

මේක සිදු වුණේ ඉරිදා දවසක නිවාඩු ගිය සෙබළ සංඛ්‍යාව වැඩියි.

හිටපු සෙබලුත් වෙනත් ස්ථානයකට ගෙනිහිල්ලා තියෙනවා.

වෙනත් කාර්යයක් වෙනුවෙන්.

කවුරු හෝ කෙනෙක් කළා නම් කරපු කෙනා සැලකිලිමත් වෙලා තියෙනවා ජීවිත හානි අවම කරගන්න.

තවත් තොරතුරු තියෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ සම්බන්ධතාවක් ඇතිව නිලධාරියෙක් මේ කඳවුර ඇතුළට එදා දවස ඇතුළත ඇතුළු වෙලා තියෙනවා කියලා.

නමුත් මේ කරුණු සියල්ල එකතු කරලා බැලුවාම සාධාරණ සැකයක් මතුවෙනවා.

මේක ස්වාභාවිකව ඇතිවුණ දෙයක්ද නැත්නම් කිසියම් ආකාරයක සැලසුම් සහගත ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියලා.

මේක සාමාන්‍යයෙන් සිගරට් එකක් පත්තුකරලා තිබිලා ඒකෙන් ගින්නක් ගත්තා කියලා හිතන්න බැහැ.

භූගත අවි ගබඩාවක් එහෙම සරල කරුණු මත පිපිරෙන්නේ නැහැ.

ඊළගට එහෙම නැත්නම් රස්නෙ වැඩිවීමෙන් ඇති වුණ දෙයක් කියලා කියන්නත් බැහැ.

මොකද මේ වහින කාලේ.

ඒක වෙනවා නම් වෙන්නේ වැඩිම ඉඩකඩ තියෙන්නේ හිතාමතාම සතුරා අතට පත්වෙන අවස්ථාවකදී පුපුරවා හැරීමේ බොත්තම ඔබන්න ඕනේ.

ඒ වගේ සිද්ධියක්ද වුණේ කියලා අපිට දැන් අවසාන නිගමනයකට එන්න බැහැ.

හංගන දෙයක් තියෙන බව පේනවා.

යුද හමුදා බුද්ධි අංශ මේ පිළිබදව පරීක්ෂණවලින් ඉවත් කිරීම.

මේක පදනම් කරගෙන පුළුවන් නැගෙනහිර උතුරේ හමුදා කඳවුරු ඉවත්කරන්න.

අපි ආණ්ඩුවෙන් ඉල්ලනවා හංගන්න දෙයක් නැත්නම් යුද හමුදා බුද්ධි අංශයටත් මේ පරීක්ෂණවලටත් සම්බන්ධ වෙන්න ඉඩ දෙන්න.