වඳුරෙක් කළ හදියක් නිසා රටම කළුවරේ

Wednesday, 08 June 2016 - 12:26

%E0%B7%80%E0%B6%B3%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%BB%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B7%9A
ට්‍රාන්ස්ෆෝමරයක් මතට වඳුරෙක් වැටීම හේතුවෙන් කෙන්යාවේ සියලු ප්‍රදේශ වලට  විදුලි ඇනහිටීමක් සිදුවී තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කලේ  ට්‍රාන්ස්ෆෝමරය මතට ඊයේ (07) මෙලෙස වඳුරෙක් වැටී ඇති බවයි.

ඒ හේතුවෙන් ට්‍රාන්ස්ෆෝමරය ක්‍රියාවිරහිත වී ඇති අතර ප්‍රධාන සැපයුමට එක්වන මෙගාවොට් 180ක විදුලි ධාරිතාවක් එමගින් ඇනහිට තිබේ.

පැය 4ක් යනතුරු විදුලි විසන්ධිව පැවති බවයි වාර්තා වන්නේ.  

කෙසේවෙතත් මෙම අනතුරෙන් වඳුරාගේ ජීවිතයට හානියක් වී නැති අතර කෙන්යා වනජීවී සේවාවට එම සත්වයාව බාරදී ඇත.