විශ්වාසභංගය අද ?

Thursday, 09 June 2016 - 7:00

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%3F
ශබ්ද පරිපාලන පද්ධතියේ ඇතිවූ තාක්ෂනික දෝෂයක් නිසා ඊයේ කල් දැමුණු පාර්ලිමේන්තුවේ කටයුතු අද පෙරවරු 9.30 ට යළි ආරම්භ වනවා.  

ඊයේ විවාදයට ගැනීමට නියමිතව තිබූ මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව අද දිනයේදී විවාදයට ගන්නා බවද කථානායකවරයා දැනුම්දුන්නා.

ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒකාබද්ධ විපක්ෂය  චෝදනා කළේ  මෙය ආණ්ඩුවේ සැළසුම් සහගත ක්‍රියාවක් බවටයි.                              

ඊයේ පස්වරුවේ ආණ්ඩු පක්ෂ රැස්වීමක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුණා.

අද පැවැත්වෙන විවාදය සඳහාත් සියලූදෙනා සහභාගි විය යුතු බවටයි අග්‍රාමාත්‍යවරයා එහිදී සියලූම මැති ඇමතිවරුන්ට දැනුම්දී ඇත්තේ.