හදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

Thursday, 09 June 2016 - 12:08

%E0%B7%84%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
විකිණීම සඳහා සූදානම්කර තිබූ හදුන් දැව තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු  අම්බලන්තොට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

ඊයේ පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ අම්බන්තොට පොලිසීයට ලැබුණූ තොරතුරකට අනුවයි.

සදුන් දැව තොගයේ වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.

මොනරාගල සහ අම්පාර ප්‍රදේශවලට රැගෙන යාම සදහා මෙම සුදු හදුන් දර තොගය අදාළ ගබඩා කර තිබූ බවයි පරීක්ෂණ වලදී අනාවරණ වී ඇත්තේ.

ඒවායේ වටිනාකම මෙතෙක් ගණන් බලා නොමැති බවයි අම්බලන්තොට පොලිසිය සදහන් කළේ.

අම්බලන්තොට ප්‍රදේශයේ ඉඩම් වල වැවී තිබූ මෙම සුදු හඳුන් ගස් රාත්‍රී කාලයේ දී අදාළ සැකකරුවන් දෙදෙනා විසින් කපා ඇති මෙලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් දෙදෙනා අද හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


ඡායාරූප-අජීත් පුෂ්ප කුමාර