මියගිය වන අලියකුගේ සිරුරක් හමුවෙයි (ඡායාරූප)

Thursday, 09 June 2016 - 14:17

%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සෙවනපිටිය කොලකනාවාඩිය ප්‍රදේශයේ තිබී මියගිය වන අලියකුගේ මළ සිරුරක් හමුවී තිබෙනවා.

අද පෙරවරුවේ වැලිකන්ද වනජීවී නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි මෙම වන අලියා සොයා ගැනුනේ.

අලියාගේ මරණයට හේතුවක් මෙතෙක් අනාවරණ වී නැහැ.

උස අඩි 8 ක් පමණ වන මෙම අලියාගේ වයස අවුරුදු 25 ක් පමණ වන බව සඳහන්.

වැලිකන්ද වනජීවී කාර්යාල නිලධාරීන් මේ සම්බන්ධයෙන් විමර්ශණ සිදු කරනවා.



ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර