මිනිස් අවයව ජාවාරම මෙහෙය වූ පුද්ගලයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

Thursday, 09 June 2016 - 17:14

%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%BA%E0%B7%80+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ඉන්දියාවේ නවදිල්ලි නුවර කේන්ද්‍ර කර ගනිමින් මිනිස් අවයව ජාවාරම මෙහෙයවූ පුද්ගලයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොල්කටාවේ පිහිටි ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය සදහන් කළේ.

වසර එකහමාරක සිට අදාළ පුද්ගලයා මිනිස් අවයව ජාවාරමේ නිරතව සිට ඇති බව සදහන්.

රාජු රාම් කාන්ත් ලෙස හැඳින්වෙන මොහු ඇතැම් අවස්ථාවලදී වෛද්‍යවරයෙකු ලෙස පෙනීසිට ඇති බව සඳහන්.

ඊට අමතරව මිනිස් අවයව ජාවාරම බංග්ලාදේශය, නේපාලය ඇතුළු දකුණු ආසියානු කලාපයේ රටවල් කිහිපයක ද සිදුකර ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.