වැට් සංශෝධනය ගැන තීන්දුව අද රාත්‍රියේ

Monday, 04 July 2016 - 19:08

%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B6%AF+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
අගය මත එකතු කිරීමේ බද්ද හෙවත් වැට් බද්ද සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේදී සහ අරලියගහ මන්දිරයේදී අද සන්ධ්‍යාවේ විශේෂ සාකච්ඡා දෙකක්  පැවැත්වෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ සියලූම ආසන සංවිධායකවරුන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැත්වෙන රැස්වීමේ ප්‍රධානත්වය උසුලන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

එහිදී වැට් බදු පිළිබඳව පක්ෂ මහලේකම් අමාත්‍ය කබීර් හෂීම්, ආසන සංවිධායකවරුන් වෙත පැහැදිලි කිරීමක් ද සිදුකිරීමට නියමිතයි.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වෙනවා.

ඒ සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම නිදහස් පක්ෂය නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ සියලූම මැති ඇමතිවරුන් සහභාගි වනු ඇති.

එහිදී ද වැට් බදු සංශෝධනය පිළිබදව සාකච්ඡා කෙරෙන අතර, අදාළ සංශෝධන ප්‍රකාශයට පත් කෙරෙන්නේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකින් අනතුරුවයි.

මේ අතර, ඉහළ දැමූ වැට් බද්දට එරෙහිව අදත් දිවයිනේ ප්‍රදේශ ගණනාවක විරෝධතා පැවැත්වුණා.

පානදුර පෞද්ගලික බස් නැවතුම්පොළේ අද එවැනි උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණේ පානදුර එක්සත් පොදු වෙළෙද සංසදයයි.

මාතර - හක්මන ප්‍රදේශයේ අද පැවැති ජන හමුවකදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ද වැඩි කළ වැට් බද්ද සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.