වව්නියාවේ පුරාවිද්‍යා රක්ෂිතයක කැණීම් කළ 7ක් අත්අඩංගුවට

Tuesday, 05 July 2016 - 8:07

%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
වව්නියාව - බෝගස්වැව - නන්දිමිත්‍රගම පුරාවිද්‍යා රක්ෂිතයේ අනවසර කැණීම් කරමින් සිටි සැකකරුවන් 6 දෙනෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් වව්නියාව, කළුතර, වෙන්නප්පුව සහ ඉංගිරිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සදහන් කළේ.

පුරාවිද්‍යා රක්ෂිතවල කැණීම් සිදුකර සොයා ගන්නා මැටි බදුන් වැනි කෞතුක භාණ්ඩ විදේශිකයන්ට අලෙවි කිරීමේ ජාවාරමක මොවුන් නිරතව ඇති බවට පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරුවන් සතුව තිබූ කැණීම් උපකරණ සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.