ලොහාන් රත්වත්තේ ඡායා කැබිනට්ටුවෙන් ඉවත් වේ

Friday, 08 July 2016 - 12:53

%E0%B6%BD%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%9A
ඒකාබද්ධ විපක්ෂය විසින් ප්‍රකාශයට පත් කළ ඡායා කැබිනට් මණ්ඩලයේ නගර නිර්මාණ හා ජල සම්පාදන ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ තීරණය කර තිබෙනවා.  

ඒකාබද්ධ විපක්ෂය වෙත ඒ බව දැනුම් දුන් බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ.

කිසිදු දැනුම්දීමක්  සිදුනොකර නගර නිර්මාණ හා ජල සම්පාදන ඡායා අමාත්‍ය ධුරයට තමා පත් කිරීම සිය ඉල්ලා අස්වීමට හේතුව බව මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළා.

ඒකාබද්ධ විපක්ෂය විසින් ඡායා කැබිනට් මණ්ඩලයක් ප්‍රකාශයට පත් කළේ ඊයේ (07) දිනයේදීයි.

එහි අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නම් කර තිබෙනවා.

ඊට අමතරව, සම්බුද්ධ ශාසන ආගමික කටයුතු සහ රාජ්‍ය ආරක්ෂක යන ක්ෂේත්‍රයන් ද ඔහුගේ විෂය පථයට අයත්.