ඇමරිකානු පොලීසියට යළි තර්ජන

Sunday, 10 July 2016 - 10:41

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1
මීට දින දෙකකට පෙර ප්‍රහාරයට ලක්වූ ඇමරිකාවේ ඩලස් පොලීසියට නව ආරක්ෂක තර්ජනයක් එල්ලවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

මෙවර එම තර්ජනය එල්ලවී ඇත්තේ නිර්නාමිකවයි.

මේ හේතුවෙන් ඩලස් පොලිස් දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව දැඩි කොට ඇති අතර, අවට ප්‍රදේශ පරීක්ෂාවට ලක්  කෙරෙන බවද වාර්තාවුණා.

කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වීමට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර කළු ජාතික හමුදා ප්‍රවීනයෙකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් ඩලස් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කෙසේ නමුත් නව තර්ජන හමුවේ ඇමරිකාව බෙදී ඇති බව කිසිවෙකු විශ්වාස කළ යුතු නැතැයි ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පොලිස් නිලධාරීන් ඝාතනයට ලක්වීම විරෝධතාකරුවන් විසින්ද අනුමත නොකරන බවයි.

ඇමරිකාවේ සිදුවන මෙම ගැටුම් අතිශය වේදනාකාරී බව ලන්ඩනයේදී ඊයේ විම්බල්ඩන් ටෙනිස් ශූරතාව හත්වන වරටත් ජයග්‍රහණය කළ ඇමරිකාවේ කළු ජාතික ටෙනිස් ශූරිය සෙරීනා විලියම්ස් සඳහන් කළා.