තද සුළගින් නිවාස හා දේපලට හානි (ඡායාරූප)

Sunday, 10 July 2016 - 10:56

%E0%B6%AD%E0%B6%AF+%E0%B7%83%E0%B7%94%E0%B7%85%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83+%E0%B7%84%E0%B7%8F+%E0%B6%AF%E0%B7%9A%E0%B6%B4%E0%B6%BD%E0%B6%A7+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
අද (10) උදෑසන වර්ෂාව සමග බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක නිවාස හා දේපළ හානි වාර්තා වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ ගිනිගත්හේන ප්‍රදේශයේ නිවාස 04 කට හානි සිදුවී ඇති බවයි.

එමෙන්ම, මාදම්පේ - තෝප්පුව ප්‍රධාන මාර්ගයට නාත්තන්ඩිය - මාවිල ප්‍රදේශයේදී ගස් කිහිපයක් කඩා වැටීමෙන් එහි ගමනාගමනයට බාධා එල්ල වූ අතර, විදුලි කණු 08 කටද අලාභ හානි සිදුවී තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ විදුලිබලය විසන්ධි වී ඇති බව සදහන්.

දිවයිනට බලපා ඇති නිරිත දිග මෝසම් සුළං කාලගුණ තත්ත්වය හෙට දිනයේත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

එමගින් සදහන් කළේ දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 60 ත්, 70 ත් දක්වා ඉහළ යා හැකි බවයි.

මේ හේතුවෙන් මුහුද රළු විය හැකි අතර, නාවික සහ ධීවර ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බව එම දෙපාර්තමේන්තුව සදහන් කළා.



ඡායාරූප - පුත්තලම ජුඩ් සමන්ත