ඉරාක යුද්ධය නීතිවිරෝධී බව ටෝනි බ්ලෙයාර්ගේ දෙවැනියා කියයි

Sunday, 10 July 2016 - 11:00

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B6%E0%B7%80+%E0%B6%A7%E0%B7%9D%E0%B6%B1%E0%B7%92+%E0%B6%B6%E0%B7%8A%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2003 වසරේදී ඇමරිකාව සමග එක්ව ඉරාකය ආක්‍රමණය කිරීමට බ්‍රිතාන්‍යය ගනු ලැබූ තීරණය නීතිවිරෝධී බව එරට හිටපු නියේජ්‍ය අග්‍රාමාත්‍ය ජෝන් ප්‍රෙස්කොට් පවසනවා.

එරට පුවත්පතක් වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එය සිය ජීවිතය පුරා විඳීමට සිදුවන විනාශකාරි තීන්දුවක් බවයි.

ප්‍රෙස්කොට් එවකට බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ටෝන් බ්ලෙයාර්ගේ දෙවැන්නා වූ අතර, ඉරාක ආක්‍රමණයට සහාය පළ කළා.

කෙසේ නමුත්, දැන් ඔහු ප්‍රකාශ කරන්නේ සදාම් හුසේන් බලයෙන් පහකිරීම සදහා සිදුකළ ආක්‍රමණයෙන් මේ වනවිට ඉරාක සිවිල් වැසියන් එක්ලක්ෂ 75,000 ක් පමණ මියගොස් ඇති බවයි.