පොළොන්නරුවේ ඉතිහාසය වෙනස් වෙයි (ඡායාරූප)

Sunday, 10 July 2016 - 11:41

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
පොළොන්නරුව ඇතුල් නගරයේ බැම්ම ආශ්‍රිතව මධ්‍යම සංස්කෘතික අරමුදල මේ දිනවල සිදුකෙරෙන කැණීම් මගින් පොළොන්නරුවේ ඉතිහාසය පිළිබදව නව අදහසක් මතුකර ගැනීමට හැකි වැදගත් පුරාවිද්‍යාත්මක සාධක රැසක් හමුවී තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන ප්‍රකාශ කළේ මෙම කැණීම් වලදී කාසි නිෂ්පාදනය සදහා යොදා ගත් ඉපැරණි යකඩ අච්චුවක් හමුවූ බවයි.

මෙමගින් ඉපැරණි පොලොන්නරුව නගරය තුල සිදු වූ  ආර්ථික ක්‍රියාවලිය කෙසේ ද යන්න සොයා බැලීමට මෙහි සිදු කරන කැනීම් තුලින් උත්සහ ගන්නා බවයි මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා කියාසිටියේ.

මීට අමතරව පොළොන්නරුව අංක දෙක ශිව දේවාලය පරිශ්‍රයේ ද කැනීම කටයුතු සිදු කෙරෙන අතර එමගින්  පොළොන්නරුව ඉතිහාසයේ ගැඹුරුතම පුරාවිද්‍යාත්මක අධ්‍යනයක් සිදු කිරීමට අපේක්ෂා කෙරෙනවා.
 
අනුරාධපුර යුගයට වඩා ඉපැරණි යයි කියන පාදමක් ද මෙහිදී  මතු කර ගැනීමට හැකි වීම විශේෂත්වයක්.    

එමෙන්ම, කැණීම්වලදී පැරණි සොහොනක නටඹුන් ද හමුවුණා.

එමගින් අනුරාධපුර ශිෂ්ඨාචාරය ක්‍රියාත්මක වෙද්දී පොළොන්නරුවේ ද ජනාවාස පැවති බවට අනුමාන කළ හැකි බවයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සදහන් කළේ.

පොළොන්නරුව පුජා නගරය  හා ඒ  ආශ්‍රිත ප්‍රදේශය තුල කිලෝමීටර් 50 දුරින් පිහිටා ඇති පුර විද්‍යාත්මක ස්මාරක සංරක්ෂණය කිරීමේ පස් අවුරුදු ව්‍යාපෘතියේ දෙවන අදියර  ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් මෙම කැනීම් කටයතු සිදු කරනවා.  

එංගලන්තයේ ඩරම් විශ්ව විද්‍යාලයේ මහාචර්ය රොබින් කනින් හැම් මහතා ඇතුළුව ඉන්දියාව, නේපාලය, ප්‍රංශය හා ඉන්දුනීසියාව යන රටවල පුරා විද්‍යා විශේෂඥයින් ඇතුළු කණ්ඩායමක් කැනීම් කටයතුවලට එක්ව සිටිනවා.

මෙම  මස 30 වන දින දෙවන අදියර අවසන් කිරීමට නියමිතයි.



ඡායාරූප - පොළොන්නරුව රොෂාන් තුෂාර