නීශා බිස්වාල් යළි දිවයිනට

Sunday, 10 July 2016 - 12:07

%E0%B6%B1%E0%B7%93%E0%B7%81%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර  රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් ඉදිරි සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

සහකාර රාජ්‍ය ලේකම්වරිය සමග ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු ආසියාව පිළිබද නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් මන්ප්‍රීට් සිං ද පැමිනෙණු ඇති.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මුලින්ම බංග්ලාදේශයේ ඩකා නුවරට යන අතර, එහිදී ත්‍රස්තවාදය මැඩලීම සදහා ඇමරිකාවේ සහාය පළ කරනු ඇතැයි අපේක්ෂිතයි.

ඩකා නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව බංග්ලාදේශයට යන ඉහළතම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරිවරිය වන නීශා බිස්වාල් එරට විදේශීය රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාව ද මුණ ගැසීමට නියමිතයි.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකානු සහකාර  රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් මෙරට රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ දේශපාලන නායකයන් මුණ ගැසෙන බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් එහිදී ද්වීපාර්ශවික ආර්ථික සහයෝගිතාව, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය සහ සංහිදියාව සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.