පාදුක්කේ දී තරුණයෙකු ඝාතනය කෙරේ

Sunday, 10 July 2016 - 13:10

%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
පාදුක්ක - බෝපේ - අංගම්පිටිය මංසන්ධියේ පිහිටි වැඩබිමකදී තරුණයෙකු පොලූ මුගුරුවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ මෙලෙස ඝාතනය කර ඇත්තේ කොළඹ සමාජ ශාලාවක සේවය කරන පාදුක්ක - බෝපේ - සමගි මාවතේ පදිංචි 25 හැවිරිදි අවිවාහක තරුණයෙක්.

මෝටර් රථ දෙකකින් සහ යතුරුපැදියකින් පැමිණි 20 කට ආසන්න පුද්ගලයින් පිරිසක් මෙම පහරදීමට සම්බන්ධ බවට පොලිසිය වෙත තොරතුරු ලැබී තිබෙනවා.

ඔවුන් පැමිණි මෝටර් රථ සහ යතුරුපැදිය ද පොලිසිය මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පාදුක්ක පොලිසිය සදහන් කළා.