කාශ්මීරයේ ගැටුම් වලින් 11 දෙනෙකු මියයයි

Sunday, 10 July 2016 - 13:12

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+11+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රකට කාශ්මීර බෙදුම්වාදී ක්‍රියාකාරියෙකු වන බුර්හාන් වානි ඉන්දීය ආරක්ෂක අංශ අතින් මරුමුවට පත්වීමෙන් පසු ඉන්දු - කාශ්මීරයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ සිට පවතින ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 200කට අධිකයි.

බෙදුම්වාදී නායකයාගේ මරණයට විරෝධය පළ කරමින් කාශ්මීර වැසියන් එහි පොලිස් ස්ථාන 3 ක් වටලා ඇති අතර, රජයේ දේපලවලට හානි කරමින් වාහන ගිනිබත් කළ බව විදෙස් වාර්තා සදහන් කළා.

කෙසේ නමුත්, විරෝධතාකරුවන්ට එරෙහිව ඉන්දිය පොලිසිය දැඩි බලයක් යොදවන බවට කාශ්මීර දේශපාලන නායකයෙකු වන උමාර් ෆාරුක් චෝදනා කළා.