දහම් පාසලට තාප්පෙන් පැන සිසුවියන් අල්ලන්න හැදූ පුද්ගලයාට වූ දේ

Sunday, 10 July 2016 - 15:40

%E0%B6%AF%E0%B7%84%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
දහම් පාසල් සිසුවියන් තිදෙනෙකු අපයෝජනය කිරීමට තැත්කළ පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුවතක් ගාල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ගාල්ල වැලිවත්ත විජයානන්ද පිරිවෙනෙහි දහම් පාසලේ 5 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකු අද උදෑසන වැසිකිලියට ගිය විට එහි සැඟව සිටි සැකකරු විසින් සිසුවියන් අපයෝජනය කිරීමට උත්සාහ දරා ඇති අතර මේ බව දුටු දෙමව්පියන් පිරිසක් සැකකරුට පහරදී පොලිසියට භාරදී තිබෙනවා.

සැකකරු ගාල්ල කපුහේම්පල පදිංචි 30 හැවිරිදි විවාහක අයෙකු බවටයි අනාවරණය වී ඇත්තේ.

ඔහු පාපැදියකින් පැමිණ දහම් පාසලට තාප්පයෙන් පැනවිත් වැසිකිලියේ සැඟව සිට ඇති බවට පසුව අනාවරණය වී ඇත්තේ.

සිද්දිය සැලවූ ප්‍රදේශවාසින් සහ දකුණු පලාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඇතුලු පිරිසක්ද ගාල්ල පොලීසියට පැමිණ සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.



(දර්ශන - රොෂාන් පියතිලක)