විනාශ කිරීමට මහ බැංකුවට ගෙනා ලක්ෂ 24 ක නෝට්ටු සොරා ගනී

Monday, 11 July 2016 - 8:52

%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+24+%E0%B6%9A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
විනාශ කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව භාරයට ගෙන තිබූ රුපියල් ලක්ෂ 24ක් වටිනා 5000සේ නෝට්ටු සොරකම් කළ එහි සේවකයෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ පුද්ගලයා මහබැංකුවේ ව්‍යවහාර මුදල් අංශයේ කාර්යාල කාර්ය සහයකයෙකු වන අතර ඔහු ඊයේ කොළඹ - කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මේ මස 22 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

අදාළ 5000සේ නෝට්ටු තොගය භාවිතයට ගත නොහැකි අන්දමේ ඒවා වන අතර, සැකකරු වෙනත් මූල්‍ය වංචාවන්ට සම්බන්ධද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.