Update : මහමෙව්නා අසපුව කන්දේ ගින්න සම්පූර්ණයෙන් නිවා දැමේ

Monday, 11 July 2016 - 9:01

Update+%3A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B6%B4%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%B8%E0%B7%9A
බදුල්ල - ඇල්ල -  කුඹල්වෙල - මහමෙව්නා අසපුව කන්ද රක්ෂිතයේ හටගත්  ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩපවත්වා තිබෙනවා.

ඊයේ පස්වරුවේ හටගත් මෙම ගින්නෙන් අක්කර 2000 ක් පමණ විනාශයට පත්වී ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් ගින්නෙන් මහමෙව්නා භාවනා අසපුවේ කුටිවලට හානියක් සිදුවී නැහැ.

යුද හමුදාව සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු  කර තිබෙනවා.



Update : Monday, July 11, 2016 9.43
--------------------------------------------

බදුල්ල - ඇල්ල -  කුඹල්වෙල - මහමෙව්නා අසපුව කන්දේ ඊයේ පස්වරුවේ ඇතිවූ ගින්න තවදුරටත් පැතිරෙමින් පවතිනවා.

පොලීසිය සඳහන් කළේ ගින්නෙන් අක්කර 2000 ක්  පමණ මේ වනවිට විනාශ වී ඇති බවයි.

කෙසේ වෙතත් ඒ ආසන්නයේ තිබෙන මහමෙව්නා භාවනා අසපුවේ කුටිවලට හානියක්  නොමැති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

ගම්වාසීන්, බණ්ඩාරවෙල නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන්, යුද හමුදාව එක්ව ගින්න මැඩපැවැත්වීමට මේ වනවිට කටයුතු කරමින් සිටිනවා.