ඩලස් ප්‍රහාරකයා ගැන තවත් තොරතුරු

Monday, 11 July 2016 - 9:02

%E0%B6%A9%E0%B6%BD%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
පසුගියදා ඇමරිකාවේ ඩලස් පොලීසියට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි පුද්ගලයා මහ පරිමාණයේ ප්‍රහාරයක් සැළසුම් කර තිබූ බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ එම ඉලක්කය සාර්ථක කරගැනීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් ඔහු ඩලස් පොලීසියට ප්‍රහාරය එල්ල කර  ඇති බවටයි.

පසුගිය අටවනදා ඩලස් පොලීසියට හිටපු කළු ජාතික හමුදා නිලධාරියෙකු  ප්‍රහාරයක් එල්ල කළා.

ඉන් පොලිස් නිලධාරීන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවටයි වාර්තාවුණේ.

කළු ජාතිකයන් දෙදෙනෙකු පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වීමත් සමග ඇමරිකාව තුළ කළු ජාතික විරෝධතා උත්සන්න වී තිබෙනවා.