දියේ ගිලී දෙදෙනෙකු අතුරුදන්

Monday, 11 July 2016 - 9:53

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
රුවන්වැල්ල - මාගම්මන ප්‍රදේශයෙන් කැළණි ගෙඟ් දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරුවේ මොහු දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණදී ඇති බවයි.

මොහු කොට්ටාව ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මාරවිල - කුරුස පල්ලිය ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය තවත් පුද්ගලයෙකු ඊයේ දියේ ගිලී අතුරුදන්වී තිබෙනවා.

ඔහු කොළඹ - කුමාරරත්නම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.