ගෝඨාභය සහ නාමල් අද FCIDයට

Monday, 11 July 2016 - 9:56

%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+FCID%E0%B6%BA%E0%B6%A7
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

පසුගිය රජය කාලසීමාවේ සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ආරක්ෂක ලේකම්වරයා කැඳවා තිබූ බවයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂටද  අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත කැඳවා තිබෙනවා.

ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළවයි.