බන්ධානාගාර නියාමකයන්ට පහරදුන් තුන්දෙනෙකු අත්අඩංගුවට

Monday, 11 July 2016 - 9:58

%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
අනුරාධපුර නගරයේ දහයියාගම ප්‍රදේශයේදී බන්ධනාගාර නියාමකවරුන් සිව් දෙනෙකුට පහරදුන් බවට සැකකෙරෙන තරුණයින් තුන් දෙනෙකු අනුරාධපුර පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනුරාධපුර බන්ධනාගාරයේ සේවය කරන මෙම නිලධාරින් කොණ්ඩය කැපීම සඳහා පැමිණ සිටි අවස්ථාවේදීයි මෙම තරුණයින් පහරදී ඇත්තේ.

පහරකෑමට ලක්වූ බන්ධනාගාර නියාමකයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේ අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් තරුණයින් අවුරුදු 21 ත් 35 ත් අතර වයසේ පසුවන්නන් බවයි පොලිිිසිය ප්‍රකාශ කළේ.