උතුරුමැද ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැසූ ප්‍රධාන සැකකරුට වරෙන්තු

Monday, 11 July 2016 - 12:09

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AF+%E0%B6%86%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A%E0%B6%AF+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%87%E0%B7%83%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%96+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94
උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස්ට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට අධිකරණය මගහැර සිටින හිටපු යුද හමුදා සෙබළා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණය අද පොලීසියට නියෝග කළා.

මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මෙලෙස වරෙන්තු නිකුත් කළේ මින්නේරිය - රජඇළ ප්‍රදේශයේ පදිංචි රුවන් කුමාර නැමති යුද හමුදාවේ හිටපු සෙබලෙකුටයි.

2013 වසරේ පෙබරවාරි 22 වනදා සිය නිල නිවසේදී එල්ලවූ ඇසිඩ් ප්‍රහාරයෙන් වෛද්‍ය කුමාර අල්විස්ගේ ඇසකට සහ ශරීරයේ ස්ථාන රැසකට හානි සිදුවුණා.