මරු කැඳවූ අධිවේගේ මෝටර් රථ අනතුර (ඡායාරූප)

Monday, 11 July 2016 - 13:11

%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිවිසුම ආසන්නයේ අද උදෑසන සිදු වූ මෝටර් රථ අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා.

අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිටි බවටයි වාර්තා වන්නේ.

අදාළ කාන්තාව සිය සැමියා සහ දියණිය සමඟ බණ්ඩාරගම ප්‍රදේශයේ සිට කඩවත පිවිසුම දක්වා ගමන් කර තිබෙනවා.

කඩවත පිවිසුමට මීටර් 500ක් දුර තිබියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.

පසුපසින් පැමිණි මෝටර් රථයක් මෙම මෝටර් රථයේ ගැටීමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි සැකපළකරන්නේ.