Update : නාමල් රාජපක්ෂ අත්අඩංගුවට

Monday, 11 July 2016 - 13:18

Update+%3A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට සුළු වෙලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 ඒ, රුපියල් මිලියන 70 ක මුදලක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවෙදීයි.

රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ක්‍රිෂ් සමාගමට දැනුමදීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව සඳහන්.  

ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමටයි මන්ත්‍රීවරයා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද කැදවා තිබුනේ.



Update : Monday, July 11, 2016 1.54
-----------------------------------------------

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නාමල් රාජපක්ෂ සහ කුමාර වෙල්ගම අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

පහත් බ්ම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 90ක් වැය කර ඩී . ඒ. රාජපක්ෂ කොෟතුකාගාරය ඉදිකරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබාදීම සඳහායි හිටපු ආරක්ෂක ලේකම්වරයා මෙම කොට්ඨාශය වෙත පැමිණ ඇත්තේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය වෙත පැමිණියේ රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගත වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

රගර් ක්‍රීඩාව දියුණු කිරීමට යැයි පවසමින් ක්‍රීඩා සමාජයකට රුපියල් මිලියන 70 ක මුදලක් ලබාදෙන ලෙසට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ක්‍රිෂ් සමාගමට දැනුමදීමක් කර තිබෙනවා.

කෙසේවෙතත් එම මුදල බැර වී ඇත්තේ පෞද්ගලික ගිණුමකට බව මූලික පරීක්ෂණයේදී අනාවරණය වී ඇති බව සඳහන්.  

ඒ පිළිබඳ ප්‍රකාශයක් ලබාගැනීමටයි මන්ත්‍රීවරයාට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද කැදවා ඇත්තේ.  

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙම කොට්ඨාශය වෙත පැමිණ ඇත්තේ තීරු බදු රහිතව ශ්‍රී ලංගමයේ බස්රථ සදහා අමතර කොටස් ගෙන්වීම පිළිබදව ප්‍රකාශයක් ලබාදීම සදහායි.