විදේශ ඇමතිට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගත යුතුයි

Monday, 11 July 2016 - 13:34

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B6%BA%E0%B7%92
යුද අපරාධ විනිශ්චය සඳහා විදේශීය විනිසුරුවන් අවශ්‍ය නොවන බව ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය සහ විදේශ අමාත්‍ය මංගල සමරවීරගේ ප්‍රකාශ පරස්පර බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

මේ අතර විදේශ අමාත්‍ය මංගල සමරවීරට එරෙහිව ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ක්‍රියාමාර්ගයක් ගත යුතු බව සමාජවාදී ජනතා පෙරමුණ ප්‍රකාශ කළා.

කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ කියා සිටියේ විදේශීය පරීක්ෂණ අනවශ්‍ය බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබියදී විදේශ අමාත්‍යවරයා ඊට පටහැනි ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.