ජනපති කතරගම පුද බිමේ

Monday, 11 July 2016 - 14:41

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ පස්වරුවේ කතරගම පුදබිම වෙත ගොස් ආගමික වතාවත්වල නිරතවුණා.

එහිදී ජනාධිපතිවරයා මහා දේවාලයේ පැවති විශේෂ දේව පූජාවකටද සහභාගිවී තිබෙනවා.

අනතුරුව ජනාධිපතිවරයා කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

ඓතිහාසික රුහුණු - කතරගම මහා දේවාලයේ ඇසළ මංගල්‍යයේ පෙරහර හයවන දිනයටත් ඊයේ වීථි සංචාරය කෙරුණා.

ඉන්දියාවේ තිරුපති දේවාලයේ සභාපති චාදලාවද ක්‍රිෂ්ණමූර්ති ද පෙරහර නැරඹීම සඳහා එක්ව සිටියා.