පෞද්ගලික බස් වර්ජනයක්

Monday, 11 July 2016 - 14:43

%E0%B6%B4%E0%B7%9E%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාර්ග අංක 143 හංවැල්ල - පිටකොටුව සහ මාර්ග අංක 148, ලබුගම - පිටකොටුව පෞද්ගලික බස් රථ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.  
කඩුවෙල - පිටකොටුව බස් රථ සේවකයෙකු හංවැල්ල - පිටකොටුව බස් රථ සේවකයෙකුට ඊයේ සිදුකළ පහරදීමේ සිද්ධියක් මුල් කරගනිමිනුයි මෙම  වර්ජනය ආරම්භ කර ඇත්තේ.

ලංකා පෞද්ගලික බස් සංගමයේ සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ පහරකෑමෙන් තුවාල ලැබූ හංවැල්ල - පිටකොටුව බස් රථ  සේවකයා අවිස්සාවේල්ල රෝහල් ගතව සිටියදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර ඇති බවයි.