හිටපු ජනපති, නාමල් බලන්න ගිහින් කියපු දේ

Tuesday, 12 July 2016 - 7:12

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
වත්මන් ආණ්ඩුවේ නීතිය ක්‍රියාත්මක වන්නේ එක් පාර්ශවයකට පමණක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

රුපියල් මිලියන 70ක මුදලක් අස්ථානගතවීමේ චෝදනාව සම්බන්ධයෙන්, රක්ෂිත බන්ධනාගාර ගත කළ ඔහුගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ බැලීමට ඊයේ පස්වරුවේ මැගසින් බන්ධනාගාරයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

එහිදී හිටපු ජනාධිපතිවරයා ඔබට සතුටුයි දැන් යනුවෙන් ප්‍රකාශ කරමින් පිළිතුරු ලබාදීම ආරම්භ කළා.