හෙට බ්‍රිතාන්‍යයේ අගමැති වන තෙරේසා මේ

Tuesday, 12 July 2016 - 8:16

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B7%99%E0%B6%BB%E0%B7%9A%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%9A
බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය ලෙස එරට ස්වදේශ ලේකම්වරිය වන තෙරේසා මේ හෙට දිවුරුම් දෙනවා.

වත්මන් අග්‍රාමාත්‍ය ඬේවිඩි කැමරන් එදිනම දෙවන එළිසබෙත් මහරැජිණ වෙත සිය අස්වීමේ ලිපිය භාරදීමට නියමිතයි.

තෙරේසා මේ අගමැති ධුරයට පත්වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ජනමත විචාරණයෙන් පසු අග්‍රාමාත්‍ය කැමරන් ඉල්ලා අස්වීම නිසයි.

ඔහු ලබන ඔක්තෝම්බරයේදී තනතුරෙන් ඉවත්වීමට නියමිතව තිබූ නමුත්, හෙට දිනයේදී ම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරිපත් කරන බව ඔහු ඊයේ ප්‍රකාශ කළා.

තෙරේසා මේ ට කන්සර්වර්ටිව් පක්ෂ නායකත්වය සඳහා අභියෝග කළ ඇන්ඩි‍්‍රයා ලීඩ්සන් තරඟයෙන් ඉවත් වන බව ඊයේ ප්‍රකාශ කරනු ලැබුවා.

ඉන් අනතුරුවයි තෙරේසා මේ ගේ අග්‍රාමාත්‍ය ධුරය සහතික වූයේ.

ඇය මාග්‍රට් තැචර්ට පසු බ්‍රිතාන්‍යයේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වන දෙවන කාන්තාවයි.

කන්සර්වටිව් පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ඊයේ ප්‍රථමවරට අදහස් දැක්වූ තෙරේසා මේ කියා සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම දෙස සුබදායී අන්දමින් බැලීමට තමා සූදානම් බවයි.