මොරටු සරසවි සිසුවෙකුගේ සිරුරක් නවාතැනේ කාමරයෙන් හමුවේ

Tuesday, 12 July 2016 - 10:26

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B6%BB%E0%B7%83%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%80%E0%B7%8F%E0%B6%AD%E0%B7%90%E0%B6%B1%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මොරටුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ සිරුරක් ඔහුගේ නවාතැන්පොළේ කාමරයක තිබී හමුවී තිබෙනවා.

කටුබැද්ද ප්‍රදේශයේ ඔහු නවාතැන්ගෙන සිටි නිවසේ කාමරයක බිම තිබියදී සිරුර සොයාගෙන ඇත්තේ ඊයේ පස්වරුවේයි.

ත්‍රිකුණාමල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මොහු කාලයක සිට කිසියම් සිත් තැවුලකින් සිටි බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

කෙසේ නමුත් ඔහු සිය දිවි හානි කර ගත්තේ ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

පශ්චාත් මරණ පරීක්ෂණය පානදුර රෝහලේදී අද සිදුකිරීමට නියමිතයි.