ඩේවිඩ් කැමරන්ගේ අවසන් කැබිනට් රැස්වීම අදයි

Tuesday, 12 July 2016 - 10:33

%E0%B6%A9%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් සිය තනතුරෙන් ඉවත්වීමට පෙර අද සිය අවසන් කැබිනට් රැස්වීම පවත්වනවා.

බ්‍රිතාන්‍යය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ජනමත විචාරණයෙන් පසු ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළ බ්‍රිතාන්‍ය අගමැතිවරයා එය ඊයේ කඩිනම් කිරීමට පියවර ගත්තා.

ඔහුගේ කන්සර්වටිව් පක්ෂයේ නායකත්වය සඳහා තෙරේසා මේ පත් කර ගැනීම ඊට හේතුවයි.

ඒ අනුව අග්‍රාමාත්‍ය කැමරන් අද බකිංහැම් මාළිඟයට ගොස් මහරැජිණ වෙත සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙනු ඇති.