කාන්තාවකට මරු කැඳවු වෑන් රථයේ වේගය විදුලි කණුව නතර කළ හැටි (ඡායාරූප)

Tuesday, 12 July 2016 - 11:05

%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%94+%E0%B7%80%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AB%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය නාගදීපය ප්‍රදේශයේදී ඊයේ සවස වෑන් රථයක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මිය ගොස් ඇත්තේ යාපනය තෙලිප්පලෙයිහි පදිංචි 48 හැවිරිදි ශ්‍රීධරන් ශිවමලර් නැමති කාන්තාවක්.

අනතුර හේතුවෙන් තවත් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

නාගදීපය සිට යාපනය බලා ගමන් කරමින් තිබු අදාල වෑන් රථය වේගය පාලනය කරගැනීමට නොහැකිව විදුලිකනුවක වැදීමෙනුයි අනතුර සිදුව ඇත්තේ.



 (ඡායාරූප - රොමේෂ් මධුසංක)