කාශ්මීරයට ඇදිරි නීතිය

Tuesday, 12 July 2016 - 13:35

%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E0%B6%B8%E0%B7%93%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
බෙදුම්වාදී සන්නද්ධ නායකයෙකුගේ මරණයෙන් පසු ඉන්දු - කාශ්මීරයේ ඇති වූ උණුසුම් තත්ත්වය මෙතෙක් පහව ගොස් නැහැ.

බුර්හාන් වානි නමැති 22 හැවිරිදි සන්නද්ධ නායකයා ඉන්දීය ආරක්ෂක අංශ සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකින් මිය ගියේ පසුගිය සිකුරාදායි.

ඉන් අනතුරුව කාශ්මීරයේ ශ්‍රී නගර් ඇතුළු ප්‍රදේශවල පැන නැගුණු විරෝධතාවලදී පොලීසිය සමඟ ගැටුම් ඇති වී තිබෙනවා.

එහිදී පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 350කට අධික පිරිසක් තුවාල ලැබුවා.

ආරක්ෂක අංශ සාමාජිකයන් 115 දෙනෙකු ද ඒ අතර සිටින බවයි ඉන්දීය රජය ප්‍රකාශ කළේ.

ගැටුම් හේතුවෙන් කාශ්මීර නිම්නයේ පනවා ඇති ඇදිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

අද 4 වන දිනයේදීත් විරෝධතා ක්‍රියාත්මක වනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.