කහතුඩුව ප්‍රදේශයේ මිනිස් ඝාතනයක්

Tuesday, 12 July 2016 - 13:55

%E0%B6%9A%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කහතුඩුව - වෙනිවැල්කොල - සිංහගම ප්‍රදේශයේ මාර්ගයක තිබී ඝාතනය කරන ලද පුද්ගලයෙකුගේ මළ සිරුරක් පොලීසිය අද උදෑසන සොයාගෙන තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 44 හැවිරිදි දෙදරු පියෙක්.

හිස පිටුපස ප්‍රදේශයට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය සිදුකර ඇති අතර මළ සිරුර තිබූ ස්ථානයේ තිබී පිහියක් ද පොලීසිය සොයා ගත්තා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට එම ප්‍රදේශයේම පදිංචි අයෙකු කහතුඩුව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.