Update: මාධ්‍ය නිදහසට පහරගැසීමේ උත්සාහයක් - අධිනීතීඥ ගෝමින් දයාශ්‍රී

Tuesday, 12 July 2016 - 15:01

Update%3A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%93%E0%B6%A5+%E0%B6%9C%E0%B7%9D%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%BA%E0%B7%8F%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලන්සුරියගේ අත්සනින් යුතුව අද මාධ්‍යයට තවත් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම නිවේදනයයි.



රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සත්‍යතාව ආරක්ෂා කිරීමේ වෙස් මුහුණ බැඳගෙන මාධ්‍ය නිදහසට පහරගැසීමේ උත්සාහයක නිරතවන බව ප්‍රකට සමාජ විශ්ලේෂකයෙකු වන අධිනීතීඥ ගෝමින් දයාශ්‍රී පවසනවා.

ඒ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය විසින් අද නිකුත්කළ උක්ත මාධ්‍ය නිවේදනය පිළිබඳ සිය අදහස් දක්වමින්.

මෙවැනි ප්‍රකාශ ඔහුගේ තනතුරට නොගැළපෙන බව අධිනීතීඥ ගෝමින් දයාශ්‍රීගේ අදහසයි.

යම් මූලාශ්‍රයකින් ලැබෙන තොරතුරක් වාර්තා කිරීමට මාධ්‍යයට අයිතියක් තිබෙන බව පවසන අධිනීතීඥ ගෝමින් දයාශ්‍රී ඒ පිළිබඳ නිවැරදි කිරීමක් අවශ්‍ය නම් අනෙක් පාර්ශවයට ඊට අදාළව ප්‍රකාශයක් සිදුකළ හැකි බව සඳහන් කරනවා.

එලෙස සිදුකරන ප්‍රකාශයට මාධ්‍ය තුළින් නිසි ප්‍රචාරයක් නොලැබෙන්නේ නම් ඊට අදාළව පමණක් පියවර ගත හැකි බව සඳහන් කරන ඔහු එසේ නොමැතිව අදාළ ප්‍රවෘත්තියට පහරදීම සදාචාරාත්මක නොවන බවයි සඳහන් කරන්නේ.