ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය දිවයිනට

Tuesday, 12 July 2016 - 15:38

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B7%83%E0%B7%84%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7
දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් අද (12) පස්වරුවේ දිවයිනට පැමිණියා.

බංග්ලාදේශයේ - ඩකා නුවර සිට පැමිණි ගුවන් යානයකින් ඇය මෙරටට ළඟා වූ බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය මෙම සංචාරයේදී මෙරට නියෝජිතයන් කිහිප දෙනෙකු හමුවීමට නියමිත බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.