නිවුන් පෙමක් සිසුවෙකුගේ බෙල්ල කපයි

Tuesday, 12 July 2016 - 18:24

%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
නිවුන් සොයුරියන්ට පෙම් කළ පාසල් සිසුන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සිසුවෙකු අනෙක් සිසුවාගේ ගෙළ තියුණු තලයකින් කපා දැමීමේ පුවතක් අද අනුරාධපුරයෙන් වාර්තාවුණා.

ඔවුන් උපකාරක පන්තියකට පැමිණ සිටි අවස්ථාවේ මෙම ගැටුම හටගෙන තිබෙනවා.

ගෙළ කැපුමෙන් බරපතල තුවාල ලැබූ සිසුවා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව ඔහු ශල්‍යකර්මයකටද භාජනය කෙරුණා.

මෙම සිසුවා අනුරාධපුර - ඇලයාපත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

පහරදීම සිදුකළ සිසුවා තම පෙම්වතියගේ නිවුන් සොහොයුරිය සමඟද මිත්‍රකමක් පවත්වාගෙන යෑමට දැරූ උත්සාහයක් නිසා පෙම්වතුන් දෙදෙනා අතර මෙම ගැටුම හටගෙන ඇති බවයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.