ගිනියම් වූ අනියම් පෙම නිසා මවක් සහ දියණියක් ඝාතනය කරයි

Wednesday, 13 July 2016 - 7:01

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%96+%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රත්නපුර - වේවැල්වත්ත - ගුරුබැවිලගම ප්‍රදේශයේදී මවක් සහ දියණියක තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය සදහන් කළේ ඊයේ මෙලෙස ඝාතනය කර ඇති මවගේ වයස අවුරුදු 37ක් වන අතර දියණිය 13 වියේ පසුවන බවයි.

මොවුන් දෙදෙනා නිවසේ සිටියදී මෙම ඝාතනය සිදුව තිබෙනවා.

ඝාතනයට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි.

කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් මිය ගිය කාන්තාවගේ අනියම් පුරුෂයා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මකයි.