අන්තරේට ජවිපෙන් උපදෙසක්

Wednesday, 13 July 2016 - 7:04

%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%9A%E0%B6%A7+%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ගෙන යනු ලබන අරගලය තවදුරටත් පුළුල් කිරීම සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව මැදිහත්වීමක් සිදුකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය කොළඹ හයිඞ් පිටියේ ඊයේ සංවිධාන කර තිබූ රැළියකට එක්වෙමින් එම පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළා.