අත්‍යවශ්‍ය භාණ්ඩ 15 ක මිල සංශෝධනය අද ප්‍රකාශයට

Wednesday, 13 July 2016 - 7:11

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B7%E0%B7%8F%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9+15+%E0%B6%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
සීනි, පරිප්පු, අර්තාපල්, ලොකු ලූණු, වියළි මිරිස්, කරවල, කිරිපිටි යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ 15 ක මිල සංශෝධනය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

ජීවන වියදම් පිළිබඳ කැබිනට් අනුකමිටුව ඊයේ පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.

සතොස හරහා පාරිභෝගික ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබාදීම පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.