ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතාව ශක්තිමත් - ඇමරිකාව

Wednesday, 13 July 2016 - 7:18

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%83%E0%B6%B6%E0%B6%B3%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%81%E0%B6%9A%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80
ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර සබඳතා ඉතිහාසයේ කවර දිනකවත් නොතිබූ අයුරින් ශක්තිමත් වී ඇති බව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොස්කි පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මොහුත් සමඟ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ද ඊයේ ශ්‍රී ලංකාවට පැමිණියා.

මොවුන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියේ මෙරට සංහිදියාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් යන අංශ පිළිබදව සොයා බැලීම සඳහායි.

ශ්‍රී ලංකාවට ප්‍රථමයෙන් පැමිණි ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ කම්කරු අංශය පිළිබද ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ටොම් මලිනොස්කි ඊයේ පෙරවරුවේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපති ආචාර්ය දීපිකා උඩගම හමුවුණා.

එහිදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය ඉහළ නැංවීමට සහාය ලබාදෙන බවට ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර ඇමරිකානු රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් දිවයිනට පැමිණියේ ඊයේ පස්වරුවේයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම ධුරයට පත්වීමෙන් පසුව ඇය ශ්‍රී ලංකාවේ සිදුකළ 6 වන සංචාරය මෙය වනවා.

දිවයිනට පැමිණි සහකාර රාජ්‍ය ලේකම්වරු දෙපළ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර හමුවීමෙන් පසුව ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කළා.