ඉත්තෑකන්දේ හිමියන් බරපතල වංචා විමර්ශන කොමිසමට

Wednesday, 13 July 2016 - 10:33

%E0%B6%89%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
රාවණාබලය සංවිධානයේ කැදවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් බරපතල වංචා සහ දුෂණ විමර්ශනය ජනාධිපති කොමිසම හමුවේ අද (13) පෙරවරුවේ පෙනී සිටියා.

ඒ, පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සිදුව ඇතැයි කියන වාහන අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමටයි.

ඉංජිනේරු සංස්ථාව මගින් කුලියට ලබාගෙන තිබූ වාහන 3ක් මෙලෙස පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් අවභාවිතා කර ඇති බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ලැබී තිබුණා.

ඒ අනුව උන්වහන්සේගෙන් අදාළ ප්‍රකාශය මේ වන විටත් ලබා ගනිමින් සිටින බවයි ජනාධිපති කොමිසමේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.