නමුණුකුල රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට

Wednesday, 13 July 2016 - 11:10

%E0%B6%B1%E0%B6%B8%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%9A%E0%B7%94%E0%B6%BD+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නමුණුකුල කඳුවැටියේ පස්සර - කනවරැල්ල - තුන්මාලය කන්ද රක්ෂිතයට ගිනි තැබූ පුද්ගලයෙකු පස්සර පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පස්සර පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා එම වත්තේ සේවය කරන කම්කරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.

පොලිස් නිලධාරීන් නීතිවිරෝධී මත්පැන් වැටලීමක් සඳහා ගිය අවස්ථාවේදී මොහු රක්ෂිතයට ගිනි තබන අයුරු දැක තිබෙනවා.

එම අවස්ථාවේ අත්අඩංගුවට ගත් එම පුද්ගලයා බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.