මුසම්මිල් යළි රිමාන්ඩ්

Wednesday, 13 July 2016 - 11:37

%E0%B6%B8%E0%B7%94%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මේ මස 27 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට සැකකරු අද (13) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස මොහුගේ නීතිඥයන් ඉල්ලීමක් කළ අතර විනිසුරුවරිය එය ප්‍රතික්ෂේප කළා.

පසුගිය රජය සමයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අයථා ලෙස භාවිත කරමින් රුපියල් හැට දෙලක්ෂයකට ආසන්න රාජ්‍ය මුදල් අවභාවිත කිරීම ඔහුට එල්ලවී ඇති චෝදනාවයි.

පසුගිය ජුනි මස 20 වැනිදා මෙම සිද්ධියට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශයට පැමිණි අවස්ථාවේදීයි මොහු අත්අඩංගුවට ගැනුණේ.